maadakinasihina.blogspot.com
maa dakina sihina: October 2010
http://maadakinasihina.blogspot.com/2010_10_01_archive.html
Wednesday, October 20, 2010. හැඟුම් නැති කවියක්. අකුරකට පුළුවන්,. හැඟුම් නැති. දුරකථන මුහුණක. අඳුන් සිතුවම්. ඒ සිතුවමට පුළුවන්. ඇස් වලින් සිනාසෙන්නට. ගොළු බසින් කතා වෙන්නට. රතු ඇස් මත වුණත්. නුහුරු සීතල. තියා යන්නට. පුළුවන් ඔබට. කවියක් ලියා දෙන්නට. තෙත සිඳුණු. වැහි වලාකුළු. ඒ යට රොද බැඳෙන හැටි. බලා ඉන්නට. පුළුවන් ඔබට. කවියක් ලියා යන්නට. පා තුඩින්. නන්නාඳුනන වෙරළක. කුහුඹුවෙකු. ඒ මත නිදන හැටි. දුර සිට. බලා ඉන්නට. පුළුවන් ඔබට. කවියකින් අමතන්නට. ඍතුවෙන් ඍතුවට. කල්පයක් දුර සිටියද. නතර වන සැටි. ඉඩ ඇති ඔබට.
maadakinasihina.blogspot.com
maa dakina sihina: December 2009
http://maadakinasihina.blogspot.com/2009_12_01_archive.html
Thursday, December 31, 2009. අතීතය කරින් ගත්. මිනිසෙක්ය මංසලක. ඔව්.ඔහුට. මල් වෙඩිල්ලක් නොවෙයි. සුළං තටු පහර වැද. දාස්පෙතියා මලක්. දැදිරි වී බිම වැටෙත. ඔහු දෙපා අද්දරම. ආචාර වෙඩිමුරයකැයි'. කෙලෙස කියන්නද? අමාවක මැදියමක. ඔහු කොපුල මත වැටෙන. වැහි බිංදු. සෙමෙර නොව. හී තුඩුය. සිහිනයක් දුහුවිලිව. මතු මහලකිය. ඒ නිසා දැන් ඔහුට. තණසුළක් යට වුවත්. සැතපෙන්න ඉඩ ඇතිය. අතීතය කරින් ගත්. මිනිසෙක්ය මංසලක. සිනහවක් සිතක නැති. කඳුලකුත් නෙතක නැති. Sunday, December 27, 2009. සුළඟට කියමි. ඉතින් එය ඇත්තක්. ඒ වුණත් ඔබ. බලා ...
maadakinasihina.blogspot.com
maa dakina sihina: April 2010
http://maadakinasihina.blogspot.com/2010_04_01_archive.html
Tuesday, April 13, 2010. මගේ අවුරුද්ද. ලියා නිම නැති ලිපියේ. අවසාන කොළය. සුළඟට මුසුව ඉගිලී. මේසය මුල පතිත වෙයි. අවසාන මිනිස් පුළුටද. කන්තෝරුවෙන් නික්මෙයි. සුබ අලුත් අවුරුද්දක්.". දොර ළඟට යන ඔහු. මොහොතකට යළි හැරී. එසේ පවසයි. එසේම වේවා". අසුනින් නැගිට. දෙපිය මැන. කවුළුව අසළ. සිටගනිමි. පරණ අවුරුදු දවසේ. කල් ඉකුත් වුණ. වියපත් තුරුපතක්. නටු අගින් ගිලිහී. බිම වැටෙනු පෙනෙයි. පාළු වී ගිය නිවසක. කළු බැඳුණු. රට උළු මතින්. ලේනෙක් පැන දුවයි. ජීවිතය දිගයි". ඇසට නොපෙනෙන අත්තක. වසං වී හිඳ. ඒ ගසම පාමුල. මම සහ නුවර.
maadakinasihina.blogspot.com
maa dakina sihina: September 2010
http://maadakinasihina.blogspot.com/2010_09_01_archive.html
Sunday, September 26, 2010. පොත් සල්පිලේ දී ය. ගැට පද පිරුණ. පිටු කළු ගැසුණ. රාක්කය මත. තව බොහෝ පොත් මැද. වෑයමින්. නොම රමණි. වන පැරණි. කියවනු අරුචි යැයි. බොඳ සිත්තමකි. මුල් පිට. මහ හිස්තැනකි. පසු පිට,. පසුවැනුම්. නැතියෙන. දුම් රොටුවක් විලස. ඉතිහාස පොත. හැම රහසක්ම. අකුරු යට. හිනැහුණ. වැසි සුළං මැද වුව. අලුත් පොත් අතැතිව. ඔබ කිසිවෙකුට. නොපෙනෙන. රසික ජයකොඩි. Subscribe to: Posts (Atom). Read more poems on www.rasikajayakody.wordpress.com. View my complete profile. මම සහ නුවර. රෑ මැද සීතල ව&...පුරා...
maadakinasihina.blogspot.com
maa dakina sihina: March 2010
http://maadakinasihina.blogspot.com/2010_03_01_archive.html
Sunday, March 28, 2010. වස්සාන ගීතය හෙවත් "ඔබ". යළිත් වස්සානයයි. ජීවිතය කුසීතව. දිගෑදෙන. රෑ පුරා වෙහෙසවී. අකුරු කළ. දැන් වසා. පැත්තකින් තබන්නට කාලයයි. ඉර්තුවක් තිස්සේම. එකතු කළ දුක දරා. ගිම්හාන සුළං රොද. තටු සලා. දුරින් දුර පාව යයි. තෙමි තෙමී ඇවිද'විත්. කවුළු දොර අසළ අර හිඳින්නේ. වස්සාන හීනයයි. ඇබින්දක් කන්දෙන්න. යටගියාවට වැටෙන. වැහි කඳුළු. එ'බිම මත උපදවන. සුවඳ දහරක එතී. සිහිනයක් විලස ළඟ රැඳෙන්නේ. හඬන රාවයයි. අදහන්න පුළුවන්ද,. එයින් පණ පෙවෙන්නේ. මිය ඇදුණ හදවතක. රසික ජයකොඩි. Tuesday, March 23, 2010. ද#...
maadakinasihina.blogspot.com
maa dakina sihina: June 2010
http://maadakinasihina.blogspot.com/2010_06_01_archive.html
Wednesday, June 30, 2010. මේ ඇසළ අහසයි. මෝසම් සුළඟ. රොහොඹු තුඩු අග. රෑ සීතලට දිය හැකි. වග වාසගම් එමටයි. ඒත් ඒ කුමටද? යළිත් හෙට දින මෙය. මග හැරුණ. සිහිනයක්. අන්ධකාරය ඇවිත්. සඳවතුර පිසලයි. හැමතැනම කාංසිය. උණුසුම්ම සුසුම වුව. පපුතුරට සිසිලයි. පා පතුල් යට රැඳෙන. වැලි කැටයකට පවා. ප්‍රේමයද. අතීතෙට යන මගක. සුරුවමක් විතරයි. ආයෙ ආයෙත්. සුළඟ සසලයි. ඒ වුණත්. රසික ජයකොඩි. 2010 ජූලි 01 වැනිදා. රෑ 12.05ට. Sunday, June 13, 2010. වසන්තය ගෙවෙන දින පිපෙනා. මලකටත්. ඔව් නමක් තිබුණා. එ'මල බිම වැටෙන තැන. මම සහ නුවර. කොළ...
maadakinasihina.blogspot.com
maa dakina sihina: December 2010
http://maadakinasihina.blogspot.com/2010_12_01_archive.html
Wednesday, December 22, 2010. උඳුවප් සුළඟ හෙවත් සල්ලාල පෙම් කව. මේ මගේ ප්‍රේමය. අඬන්නට ඉන්න ඇස. අඬන්නට ඉන්න ඇසකට. විසුළුවට වුව. ඇඟිල්ලෙන් ඇන්නොත් ඔබ. මුලින්ම ගලනු ඇත්තේ. කඳුළකි ලේ රතු පාට. කඳුළු ලුණු රස. බව සැබැයි,. එසේ වුව. කුමට සොයනුද. වෙහෙස වී එහි යට'රුත. ලුණු බිඳක්වත් ශේෂ නොකරම. වියැළිලා යයි නම් එය. මකුළු දැල. බිත්තියේ ඈත මුල්ලක. හෙමි හෙමින් ලඹ දෙන. ඉඳහිට කළුවරක. මැස්සෙකුත් පැටලෙන,. හෙට උදෑසන. දුර සිට. අතුගා දමන්නට. සුළං කෝඩය. තෙල් බිඳිත්තෙන්. දැල්වෙන. පහන් සිලකින්. මොහොතකට උදුරන. මම සොයමි. උඳු...
maadakinasihina.blogspot.com
maa dakina sihina: May 2010
http://maadakinasihina.blogspot.com/2010_05_01_archive.html
Tuesday, May 25, 2010. අකල් කවියක්. පටු නිම්නයකි. සදාකාලික. ස්වප්නයකි. සිල් බිඳුණු අලුයම. මල් පියලි කොපුලත. කල් යල් බලා. තියා ගිය පිනි තිත යට ද. ඉතිහාසයකි. අකල් වැස්සට නොසේදෙන. බිම වැටුණ. මැයි මලක ලේ රත. කල්පයක් කල් වුව. බැරි සත්‍යයකි. මතක වස්ත්‍රයකි. ලිහාගන්නට බැරි. ගෙත්තමකි. වලාකුළු මත ඇඳි. සිත්තමකි. රසික ජයකොඩි. Sunday, May 2, 2010. ගිලන් වූ සිහිනය. ගිලිහී වැටෙන මැයි මල්. මතක පටුමග මත. වැතිරෙයි. හාත්පස අඳුර පමණයි. නෙත් කෙවෙණි පිරිමැද. නිදි බිඳුණු සිහිනයක්. නැගිටියි. මීවිතක් තරමට. ගිලන් යහනක. කොළ...
maadakinasihina.blogspot.com
maa dakina sihina: January 2011
http://maadakinasihina.blogspot.com/2011_01_01_archive.html
Wednesday, January 5, 2011. මායාවී. චක්‍රාවාටයේ වාටියක. නන්නත්තාර දූපතක. කරුමක්කාර හදවතක. සෙල්ලකාර කුසුමක්ය ඈ. භද්‍ර කල්පයේ කෙළවරක. භද්‍ර යෞවනේ මිරිඟුවක. රක්තවන් දෙනෙත් අභියසම. රක්ත වර්ණයෙන් පිපුණාය ඈ. රික්තකයක්ව ගිය සිතක. මුක්ත නොකෙරුණු සෙනෙහසක. බුක්තියට සිරගත කෙරුණ. රක්තවන් මායාවක් ය ඈ. චක්‍රාවාටයේ වාටියක. වක්‍රාකාර දූපතක. අප්‍රාණිකම ප්‍රාණයක්. නිද්‍රාවකට සම වැදෙන රෑ. මුද්‍රා තැබෙන සිහිනයයි ඈ. රසික ජයකොඩි. 2011 ජනවාරි. Subscribe to: Posts (Atom). View my complete profile. මායාවී. මම සහ නුවර. රෑ ම...